ඔබ දන්නවද අපේ රටේ මොනව හරි දත් රෝගයකින් පෙලෙනවුන්ගේ ප්‍රතිශතය සියයට සියයය වෙන්න අඩුවෙලා තියෙන්නේ තනි ඉලක්කමක් බව? උදේ හවස දත් මදින රටේ එහෙම වෙන්න පුළුවන්ද? දත් මදිනව කියල පැය ගනන් බුරුසුව කටේ ගහගෙන හප හපා කාලෙත් බුරුසුවත් කකා ඉන්න ඕනෙද?
ඔයාල හැමදාම උදේ හවස දත් මදිනව කියල හිතමුකො. ඒත් නමට දත් මැද්දට දතට වැඩක් නෑ. නමුත් නිවැරදිව ක්‍රමානුකුලව දත් මැද්දොත් දත් පනුවො නොකා හොදින් ආරක්ෂා කරගන්න පුළුවං. ඔබ දන්නවාද හරියට දත් මදින හැටි?
මෙන්න මදින හැටි.
උඩු ඇන්දෙ වමේ සිට දකුණට දත් තලය, එනම් උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් එකට වදින තලය, දත් ඇන්දේ ගමන් දිශාවට ලම්භකව බුරුසුව තබාගෙන ලම්භකවම මදිමින් (එවිට බුරුසුවේ මිට තිරස්ව මුඛයෙන් පිටතට පිහිටයි.) වමේ සිට දකුණට මැදගෙන විත් දකුණේ සිට නැවත ආරම්භක ස්ථානයට මදින්න. දැන් ඔබේ උඩු ඇන්දේ යටි පැත්ත දෙවතාවක් මැදී අවසන්.
දැන් උඩු ඇන්දේ ඇතුල් පැත්තත් දත් බුරුසුව උඩ ඇන්දේ ඇතුල් පැත්තේ තලයේ ගමන් දිශාවට ලම්භකව තබාගෙන (එවිට බුරුසුවේ මිට සිරස්ව පහතට සිටිනසේ පිහිටයි.) වමේ සිට පෙරපරිදිම දකුණටත් නැවත වමටත් මදින්න. දැන් උඩු ඇන්දේ ඇතුල් පැත්තත් මැද අවසන්.
ඊළඟට උඩු ඇන්දේ පිට පැත්තත් පෙරපරිදි බුරුසුව පිට පැත්තේ ඇති දත් තලයේ ගමන් මගට ලම්භකව තබාගෙන මදින්න. (එවිට බුරුසුවේ මිට සිරස්ව ඉහළට සිටිනසේ පිහිටයි.)
දැන් උඩු ඇන්ද මැදලා ඉවරයි.
දැන් ඔය විදිහටම යට ඇන්දෙත් දත් මදින්න.
දැන් දිව එළියට දමා බොහොම මෘදුව දිව මදින්න. ඊලඟට පිරිසිදු වතුර ස්වල්පයකින් හොඳින් කට සෝදා දමන්න. දැන් පිරිසිදු වූ මුඛයක් ඔබටත් හිමියි.
මේ සඳහා යන්නෙ විනාඩි දෙක හමාරක් වැනි පොඩි කාලයක් විතරයි. දැන් ඉතිං බුරුසුව වික විකා බොරුවට ඉන්න ඕනෙ නෑ නේද?
අතිරේක උපදෙස්-
මැදීමේදී දත් බුරුසුව තදින් අතුල්ලන්න එපා.
දත් මදින හැම විටම බුරුසුව මදින තලයට ලම්භකවම තබා ගන්න.
දත් බුරුසුවට අධික ලෙස දත් බෙහෙත් යොදාගන්න එපා.
Tuesday, June 22, 2010
Subscribe to:
Comments (Atom)