ඔන්න දැං බලුපොර පටං ගන්ඩයි යන්නෙ. ඇයි මහවාසල ඡන්දෙනෙ. පස්ස විපස්ස මැති ඇමති රාළල මේ දවස්වල කන්නෙ නෑ. බොන්නෙ නෑ අනිකුත් (ශරීරකෘත්‍ය වත් කරනවද මන්ද) අවශ්‍යතා පැත්තකට දාල යමරෙට වැඩ. පහල වෙන්ඩ තියන හතර මහ නිධානෙ මතක් වෙනකොට නොකා නොබීහරි මාසයක් හමාරක් දුෂ්කරක්‍රියා කළාට කමක් නෑ කියල රාළට හිතෙනව. හත්මුතු පරම්පරාවෙ හැත්ත බුරුත්තම ගොඩනෙ. හැබැයි රාළෙ මේක ඡන්දදායක රාළලගෙ වාරෙ ඔන්න. වැඩක් නෑ ඉතිං, අරක කරේ නෑ මේක කරේ නෑ උංගෙ පවුල් හම්බ කරං කෑව එක විතරයි කොරේ, කියල බනිනව. ඊට පස්සෙ ඒ රාළලටම ඡන්දෙත් දීල, දිනවල ඊලඟ මහවාසල ඡන්දෙ එනකම්ම විරවගෙන ඉන්නව. ඊලඟ ඡන්දෙදි ආයිත් බනිනව, ආයිත් දෙනව. ඕකනෙ ඉතිං මේ රටේ රාළල හැමදාමත් කොළේ. වැඩක් නං නෑ ඉතිං මේ ගැන කතා කරල. කතා නොකරත් බෑ. විසුරුවපු මහවාසලේ හිටපු සමහර ආණ්ඩුකාර රාළල,මැති ඇමති රාළල වගේම උන්දැලගෙ ලේකම් රාළල කොලේට ජොබ් දුන්නනෙ. රැකියා අපේක්ෂාවෙන් ඉන්න පංගුවක් මහගෙලට හොඳ හෝටලේකට ආරාධනා කරනව කෑමකට. පිළිගත්තොත් ජොබ් එක අතේ. නැත්තං ලතේ තමා. ඔන්න ඔහොමලුනෙ විභාග පේල් රාළලගෙ වගේම විභාගෙ ලිව්වෙ තියා එහෙම විභාගයක් තිබ්බද කියලවත් නොදන්න රාළලගෙත් නං ගං ඉන්ටව් බෝඩ් ගියෙ. අනේ අපොයි! නෑ නෑ ඒක වෙන්ඩ ඇති තාරුණ්‍යයේ අපේක්ෂාව කියල රාළ තුන් ඈවර කරගත්ත. අළුත් ශ්‍රී ලංකාව එහෙමනං, සුබ අනාගතෙත් මොකෙං මොකක් වෙයිද කියල රාළට නං බයයි. අනේ රාළේ වනේ වාසේ!
Saturday, February 27, 2010
බලු පොර
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment