Thursday, February 11, 2010

ඔන්න රාළ ආපියෝ!

රණරාළ,ගොවිරාළ, ගමරාළ, රටේරාළ, කෝරාළ, වෙදරාළ, පනික්කිරාළ , මෑතකදී සුප්‍රසිද්ධ වුණු සට්ටම්රාළ ආදී මෙකී නොකී රාළල ඉන්න රටේ, ඔය ඕනෑම රාළ කෙනෙක්වගේ වෙස් පෙරලගන්න පුළුවං කියල හිතල, මේ රාළත් හිතුව පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලිලා බලන්ඩ. මොකද සයිබර් අවකාසෙ සයිවර් කඩේකටත් වැඩිය ලොකුයිලුනෙ. එක රාළ කෙනෙක් මේ ලඟඳි කියල තිබුණා කුණු අයින් කරනකොට තමන්ගෙ අතෙත් කුණු ගෑවෙනව කියල. ඉතිං රාළත් මේවගෙ පෙරලෙන්ඩ ගිහිං මොන මොනව කොහෙ කොහේ ගෑවෙයිද දන්නෑ. ඒ රාළනං රණරාළ කෙනෙක් වගේ ඇවිත් බලුරාළ කෙනෙක් වගේ ගෙදර ගියා කියල බූරුරාළ කෙනෙක් කියල තිබුණ. මේ රාළත් නොදන්න දෙමළෙට ගිහිං වරිගෙත් නහගනීද?

2 comments:

  1. අනේ මන්දා මොන රාළෙක් උනත්, අපි ඔයාව පිලිගන්නවා ආයුබෝවන් කියලා....

    ReplyDelete
  2. මුකුත් තෙරැනෙ නැහැ .... හැබැයි සුබ පැතුම් ... වෙනසක් කරන්න බලන්න ....

    ReplyDelete