පල්ලෙකැලේ පැවැත්වෙන 2010 දැයට කිරුළ ප්‍රදර්ශනය නරඹන්නන්ගෙන් පිරී ඉතිරිල ගිහිං. ප්‍රධාන තොරණ පහු කරගෙන ප්‍රධාන පාරෙ යනකොට ඔරලෝසු කණුව ලඟ තියන විශාල පුවරුව .රට මහින්දට. ජෙනරාල් ගමෙත් පරාදයි කියල ඒකෙ සඳහන්. ප්‍රදර්ශන භූමිය අක්කර 60 ක්. ගුවන් පාලම් දෙකක්. ආරක්ෂක අංශවල ප්‍රදර්ශනය විතරක් අක්කර 9 ක. මිනිස්සු මෙච්චර පොදිකන්නෙ 1990 ගම්උදාවෙන් පස්සෙ බලන්ඩ ලැබෙන විශාලම ප්‍රදර්ශනය හින්ද වෙන්න ඇති. නෑ, යුද්ධය අවසන් වීමේ නිදහසත් ඒකට බලපාන්න ඇති. කොච්චර ඉඩ තිබුණත් ගුවන් පාලං උඩ හිරවෙලා සෑහෙන වෙලාවක් ගත කරන්ඩ රාළටත් සිද්ධ වුණා. මොන කෙහෙල්මලකට මේවා හැදුවද මන්ද කියල ආපු රාළල වගයක් අප්‍රසාදය පළකලා. වැඩිම පිරිසක් නරඹන්න පොරකෑවෙ ආරක්ෂක අංශවල කුටිවලටයි. කිට්ටුකරන්න බෑ සෙනඟ. මොකක්ද මේකට හේතුව කියල රාළ කල්පනා කලා. කවුරු හරි රාළ කෙනෙකුට මේ ගැන අදහසක් තියනවනම් රාළව දැනුවත් කරන්න. ඇතුලෙනං බිස්නස් හොඳයි. රොටියක් රු. 40 යි. එළියෙනං හිතපු තරං බිස්නස් නෑ කියල වෙළඳ රාළල කීප දෙනෙක්ම කිවුව.
Thursday, February 11, 2010
දැයට කිරුළට මහ සෙනග.
Subscribe to:
Post Comments (Atom)
he he
ReplyDeleteඅක්කර 60ක් කිවුවට ප්‍රදර්ශණ කුටි වලට අක්කර 10 ක් තිබ්බත් ඇති. අපරාදෙ මිනිස්සුන්ව අවුවෙ දූවිල්ලෙ ඇවිද්දුවෙ. හරියට මාර්ග සළකුණක් නැහැ. පිළිවෙලකට බලන්න. පොලිසියෙ කටයුතු ගැනනම් කියල වැඩක් නැහැ. අන්තිමයි. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ වැඩ තමයි වෙන්නෙ. අනික ප්ලෙක්ස්, පොටෝ සහ අත් පත්‍රිකා විතරයි සමහර කුටිවල තිබ්බෙ. අමාත්‍යාංශයකට බැහැ හොඳ ප්‍රදර්ශණ කුටියක් හදාගන්න. අර්ථවත්, පිළවෙලකට බලන්න. හමුදා ප්‍රදර්ශණ කුටි හැර වෙන අර්ථවත් දෙයකට තිබ්බෙ කෘෂිකර්ම අමාත්‍යාංශයෙ ප්‍රදර්ශණ කුටිය වගෙ කිහිපයයි.
ReplyDeleteමාධ්‍ය වර්ජනය කරලද? වර්ජනය කරවලද නැත්නම් මාධ්‍ය කප්පාදු කරවලද කියල තේරුම් ගන්න අමාරුයි. කිසිම අධ්‍යාපනික වටිනාකමක් නැති කුටි කිහිපයක් විතරයි. පහුගිය අවුරුදු වලදි මීට වඩා මොන තරමි හොඳට තිබ්බද?
අර කතාවක් තියෙන්නෙ කන්දක් විලිලා කෙන්දක් වැදුවයි කියල. සියඹලාපිටිය ඇමතිතුමාගෙ වැඩ කොහොමත් ඒහෙමනෙ.
මීට පස්සෙවත් හොඳට සංවිධානය කරල කරනවනම් කොච්චර වටිනවද. අඩුම ගනනෙ ප්‍රධර්ශණ කුටිවලට යන මාර්ග සලකුනු තියෙන සිතියමක්වත් මුද්‍රණය කරල සාධාරණ මුදලකට හරි ජනතාව අතර බෙදාදුන්නනම් වටිනාකම කියල නිම කරන්න බැහැ.
බලපු කෙනෙක් ඉන්නවනම් තිබුනු වටිනාකම් සහ ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් අනෙක් අයට කියල දෙන්න බ්ලොග් එකක් ලියන්න කියල මම ඉල්ලා සිටිනවා.