කාක්කො කියන්නෙ මහ කෑදර ජාතියක් කියලනෙ කියන්නෙ. ඒ හින්දම වෙන්න ඇති කාක්කො රංචු පිටින් කුණු ගොඩවල් තියන තැන් වලට ගිහින් බඩ කට පුරවා ගන්නෙ.
කොක්කු කියන්නෙ කාක්කො වගේ නෙමෙයි. පාටිනුත් ප්‍රතිවිරුද්ධයි. බොහොම නිහඬයි. වැඩි හැලහොල්මනක් නැතුව කුඹුරක්, දිය පාරක්, දිය කඩිත්තක්, මඩ වගුරක් කිට්ටුව නැත්නම් ගව රංචුවක් අසල බොහොම සංයමයෙන් ක්ෂණිකව තම ගොදුර ඩැහැ ගන්නා ජාතියක්.
කාලෙ අකාලෙ වෙලාද මන්ද දැන් කුණුගොඩවල්වල වැඩිපුරම දකින්න ඉන්නෙ කොක්කු. කාක්කො නැතිතරං. ඇයි එහෙම වෙලා තියෙන්නෙ. කුණුවල කොලිටි බැහැලවත්ද? නැත්තං පරිසර ගැටළුවක්ද, ආර්ථික ප්‍රශ්නයක්ද, සමාජ ඝට්ටනයක්ද එහෙමත් නැත්තං දේශපාලන අර්බුදයක්වත්ද.
තව ටික කාලෙකින් කොක්කුත් ගිහිං කුණුගොඩවල් වලට මොක්කු එයිද මන්ද!
Subscribe to:
Post Comments (Atom)
ඒක නම් ඇත්ත මොක්කු එයිද දන්නෙ නෑ.
ReplyDelete